කොටදෙණියාව සිසුවාගේ පැමිණිල්ල විභාගයට

null

කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් වූ 17 හැවිරිදි පාසල් සිසුවා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ල අද විභාගයට ගෙන තිබේ.

17 හැවිරිදි පාසල් සිසුවාගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය පසුගිය මස 30 වනදා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකළා. එමගින් ජාතික ළමා රක්ෂණ අධිකාරිය ද වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබෙන අතර පාසල් සිසුවෙකු යම් වරදකට අත්අඩංගුවට ගන්නේ නම් ඊට අදාළ නිර්ණායකද සකස් කරන ලෙස ඔවුන් අද ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අද පෙරවරුවේ 17 හැවිරිදි අදාළ පාසල් සිසුවා, ඔහුගේ මව, කොටදෙණියාව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා, කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා සහ දැරිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කරනු ලැබූ අනෙක් පුද්ගලයා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබුණි.

එහිදී ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඇතැම් කරුණු දැක්වීම් ලිඛිතව ලබාදෙන ලෙස උපදෙස් දුන් බව මානව හිමිකම් කොමිසමේ නීති ලේකම් නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය.

ලබන 12 වන සඳුදා පැමිණිලි පාර්ශ්වය සහ වගඋත්තර කරුවන් සභාපතිවරයා හමුවට කැඳවා ඇත.

ඔවුන් මානව හිමිකම් කොමිසමට පැමිණ සිටි අයුරු…

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>