කොටදෙනියාවේ පෙර පාසල් දැරියක් අතුරුදන්

null

ගම්පහ – දිවුලපිටිය – කොටදෙනියාව ප්‍රදේශයේ වයස අවුරුදු හතරහමාරක පෙර පාසල් දැරියක් අද අලූයම සිට අතුරුදන් වී තිබේ.

වැඩබලන පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ අද (12) උදෑසන 7.00ට පමණ ඒ පිළිබඳව පැමිණිල්ලක් ලැබුණු බවයි.

සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති මෙම දැරිය ඊයේ රාති‍්‍රයේ මිත්තණිය සමඟ නිදා ගැනීමට ගොස් ඇති අතර අද අලූයම සොයා බැලීමේදී ඇය නොසිටි බව පියා පොලීසියට දැනුම් දී ඇත.

අදාළ නිවස අර්ධ වශයෙන් තනා නිම කළ එකක්. අතුරුදන් වූ දැරියගේ මව, පියා, සීයා, ආච්චි සහ සොහොයුාරා ද ඊයේ(11) රාත‍්‍රී එම නිවසේ සිට තිබේ.

මෙම දරුවා පිළිබඳ තොරතුරක් ඇත්නම් 0773862319 (ලලිත් ගුණවර්ධන) දරණ අංකය අමතා තොරතුරක් ලබාදෙන ලෙස පවුලේ සමාජිකයින් පවසයි.

මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>