කොටදෙනියාවේ සිසුවා නිදහස් වීමෙන් පසු මාධ්‍යට කී කතාව

null

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් නිදහස් කෙරුනු 17 හැවිරිදි පාසල් සිසුවා සහ 33 හැවිරිදි එක්දරු පියා අද (02) විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.

අදාළ සිසුවා සහ එක්දරු පියා ඊයේ (01) රාති‍්‍රයේ ගම්පහ මහ රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එච්.පී. හේවාපතිරණ මහතා ප‍්‍රකාශ කළේ අද (02) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ඇති බවයි.

තමන් පොලිස් අත්අඩංගුවේ සිටියදී පහරකෑමට ලක් වූ බවත්, එ් නිසා ඉන් දැඩි ශාරිරික පීඩාවක් සහ මානසික පීඩාවක් පවතින බවත්, 17 හැවිරිදි පාසල් සිසුවා මාධ්‍යට සඳහන් කර තිබේ.

“සේයාගේ මරණයේ අවසන් කටයුතු කළාට පස්සේ කොටදෙ‚යාව පොලිසිය අපේ ගෙදරට ආවා. ඒ වෙලාවේ මම හිටියේ මගේ කාමරේ.
පෙලිසියේ අය අම්මට කිව්වා මාත් එක්ක කතා කරන්න ඕන කියල එහෙම කියල අම්මත් එක්කම කාමරේට ආවා. කාමරේට ඇවිත් මගේ විස්තර අහන ගමන්ම මගේ ලැප්ටොප් එක බැලූවා. ඊට පස්සේ තමයි පොලිසියට යමු කියල මාව අරගෙන ආවේ. ඒ වුණාට එක්කගෙන ආවේ පොලිසියට නෙමෙයි. ඒක පොලිස් ක්වාටර්ස් එකක් කියලයි මට හිතුණේ. මාව අරගෙන ගිහිල්ලා මට කිව්වා, අත්අඩංගුවට ගත්ත අනෙක් එක්කෙනා පෑලියගොඩ දී සේරම ඇත්ත කියල තියෙන්නේ, දැන් උඹත් ඇත්ත කියපන් කියල. එහෙම කියද්දීත් මම කතා කළේ නෑ.

ඔවුන් මාව අරගෙන ගියේ කාමරයක් වගේ තැනකට.. ඒ ගෙනිහින් ඇඳුම් සියල්ල ඉවත් කර මාව නිරුවත් කරලා හොඳටම පහර දුන්නා.. සේයා ඝාතනය කළේ උඹ ඒ නිසා ඒක භාර ගනින් කියලයි ඔවුන් මට පහර දුන්නේ.. මගේ නිරුවත් ඡායාරූප ගත්තා.. පස්සේ අත් දෙක පිටුපස්සට තියලා බැඳලා බාල්කයක එල්ලලත් ගැහුවා.. පහුවදා තමයි මාව පොලිසියට ගෙන ආවේ.
මම මේකට සම්බන්ධ නෑ කියල. එහෙම කියද්දී මගේ කම්මුල දෙපැත්තටම ගැහුවා. පස්සේ දිග යකඩ පතුරක් වගේ එකකින් ගැහුවා. මගේ ලැප් ටොප් එකේ අසභ්‍ය චිත්‍රපටි තියනවා කියලයි මව අරගෙන ගියේ. අරගෙන ගිහින් මට ගහල ඇහුවෙම මම ඒ අපරාධය කළාද කියල නොවෙයි. ඒක කරපු හැටි කියපන් කියල තමයි දිගටම කිව්වේ.

ෆෙස්‌ බුක්‌ එකේ තිබුණ සේයාගේ ෆොටෝ එකක්‌ මම මගේ මිතුරන් අතරේ ෂෙයා කළා.. සේයා මැරුණට පස්සේ කවුරු හරි ඒක මගෙ එකට දාලා තිබුණේ.. පොලිසිය ඒක පෙන්න පෙන්න මම සේයාගේ පිංතූර තියන් හිටියේ ඇයි කියලා ඇහුවා.. ඒක ෆේස් බුක්‌ එකේ ෂෙයා වුණ නිසා තිබුණේ කිව්වම ඔවුන්ට මම කියන දේ වටහා ගන්න බැරි වුණා..

මම පොලිසියේ අයට වැඳ වැඳ කිව්ව මම මේකට සම්බන්ධ නෑ කියල. ඒක පිළිගත්තේ නෑ. පස්සේ සී.අයි.ඩී. එකෙනුත් ප්‍රශ්න කළා. මේ දවස් 16 ඇතුළෙදී මම අම්මව හම්බ වෙන්න දුන්නේ දෙතුන් වතාවයි. ඒත් වැඩිය කතා කරන්න දුන්නේ නෑ. පළවෙනි දවසේ උසාවි දාලා මාවයි, කැලූම් අයියවයි රකෂිත බන්ධනාගාර ගත කරද්දී එකම තැන තමයි තිබ්බේ. මම කැළුම් අයියව දැක්කෙත් උසාවියට ගේන්න පැය කිහිපයට කලින් විතරයි.”

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>