12 May 2015
කොට්ටාවේ විදුහල්පති මවකගෙන් ලිංගික අල්ලස් ගැනීමට ගොස් මාට්ටු
කොට්ටාව ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු දරුවෙකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා එම දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මව සිය දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා කොට්ටාව ප්රදේශයේ ප්රාථමික පාසලකට ගිය අවස්ථාවේදී එහි විදුහල්පතිවරයා මවට පවසා ඇත්තේ, තමා සමග හෝටලයකට යාමට කැමති නම් දරුවා ඇතුළත් කර ගැනීමට හැකි බව ය.
අදාළ මව මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කොට හෝටලයට ගිය අවස්ථාවේදී හෝටල් කාමරය තුළදී විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණ.
පසුව සැකකරු අද කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගණී පෙරේරා මහත්මිය හමුවේ වරද පිළිගෙන තිබෙන අතර විදුහල්පතිවරයාට දඬුවම් නියම කිරීම මැයි 15 වන දිනට කල් තැබිණ.