26 Feb 2015
කොටි පරදා ජයගත් සිංහයෝ
ලෝක කුසලාන තරඟාවලියේ ශ්රී ලංකාව හා බංගලාදේශය අතර අද පවතී එක්දින තරඟයෙන් ලකුණු 92ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව එක් කඩුල්ලකට ලකුණු 332ක් ලබාගන්නා ලදී. එහිදී අගන ඉනිමක් ක්රීඩා කල තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 161ක්, කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 105ක් හා ලහිරු තිරිමාන්න ලකුණු 52ක් වශයෙන් ලබාගත්හ.
ලකුණු 333ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට කඩලු සියල්ලම දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 240ක් පමණි.
බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ශබීර් රහමන් ලකුණු 53ක් ලබාගත් අතර ශ්රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 3ක්, සුරංග ලක්මාල් හා තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 2බැගින් ද දවා ගන්නා ලදී.