කොටි සැඟවූ තෙල් බැරල් තොගයක් හමුවේ

null

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ වළදමා තිබු ලිහිසි තෙල් බැරල් නවයක් යුද හමුදාව විසින් සොයාගෙන තිබේ.

මුහුදේ සිට මීටර් 20ක් පමණ ගොඩබිම දෙසට වන්නට වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයෙන් මෙම බැරල් තොගය පසුගිය දා සොයා ගත් බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.

681 වැනි බලසේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ ප්‍රදේශයේ භූමියක් සකස් කරමින් සිටියදී මෙම තෙල් බැරල් සොයාගෙන ඇති බව වාර්තා වේ.

එහි ඇති තෙල් වර්ගය කුමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒවා විදේශ රටකින් ගෙන්වන ලද විශේෂිත තෙල් වර්ගයක් බැවින් පරීක්ෂාවට ලක් කිරීමට ද පියවර ගෙන තිබේ.

LTTE මුහුදු කොටි බලකායට අයත් බෝට්ටු සදහා භාවිත කිරීමට මෙම ලිහිසි තෙල් සගවා තබන්නට ඇති බවට සැක කෙරේ.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>