කොණ්ඩයාගේ නීතීඥයන්ට එරෙහිව ක්‍රියා කරනවා

null

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ නීතිඥයන් මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිසියට කළ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි.

ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකරන බව පොලිස් මූලස්ථානයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

කොටදෙණියාව සේයා ස‍ඳෙව්මි ඝාතනයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි දුනේශ් ප්‍රියශාන්ත නමැති අය‍ට එරෙහිව ළමා අපචාර චෝදනා නොමැති බව ප්‍රේමරත්න මහතා විසින් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිහිපත් කළේය.

එසේ වුවද 2010-06-23 වන දින බෙරලිය-බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී වයස අවුරුදු 15 ක දැරියක් පැහැරගෙනයාමට උත්සාහ දැරීමේ සිද්ධියක් වාර්තාවන බවත්, ඒ සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ‍ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගෙන ඇති බවත් ගුණසේකර මහතා සිහිපත් කළේය.

ඒ අනුව අයුතු ඇතුළුවීම හා පැහැරගෙන යාමට තැත්කිරීම යන චෝදනාවන්ට වරදකරු ලෙස මාස 20 ක සිරදඬුවමක් හා රු.1500 බැගින් වන දඩ මුදල් දෙකක් මත අත්හිටුවූ සිරදඬුවමක් නියම කර ඇති බවත්, එය 2018 දක්වා අත්හිටුවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙතෙක් තමා විසින් දුනේශ් ප්‍රියශාන්ත නැමැත්තා සැකකරුවෙකු ලෙස නම් කළා වුවද අද ඔහු අපරාධකරුවෙකු බව ප්‍රසිද්ධියේ කියා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මොළයක් ඇති කිසිවෙක් කොණ්ඩයා මාධ්‍ය හමුවකට කැඳවීම අනුමත නොකරන බවත්, කෙනෙකුට නඩු මගට යාමට පෙළඹවීමට නීතිඥයෙකුට හැකියාවක් නොමැති බවත්, එය රීති උල්ලංඝණය කිරීමක් බවත් ‍රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

ඒ අනුව උදුල් ප්‍රේමරත්න මහතාගේ නීතිඥ භූමිකාවේ ක්‍රියා කලාපය අනුමත කළ නොහැකි බැවින් ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග මොනවාදැයි සාකච්ඡා කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශද පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>