කොණ්ඩයාගේ සිරුරේ අංශ කිහිපයකින් DNA පරික්ෂාවක්
කොටදෙනියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ ඔහුගේ සිරුරේ අංශ කිහිපයකින් ඩී.එන්.ඒ. වාර්තාවක් ලබා ගැනීම සඳහායි.
මෙම ප්‍රධාන සැකකරු විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා 25 වැනි දින මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණි. සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එම්.එන්. රුහුල් හක් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මඟින් මෙම පරීක්ෂණය සිදු කර තිබේ.
මෙම විශේෂ පරීක්ෂණයේදී ලිංගික ක්‍රියාවලියේදී සිදුවිය හැකි බාහිර තුවාල හා පැහැර ගැනීමේ සිද්ධියකදී පරිසරයෙන් ඇතිවිය හැකි බාහිර තුවාල හා සිද්ධීන් මෙම පරීක්ෂාවට ලක්කළ බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පෙන්වා දෙයි.