කොණ්ඩයාගේ DNA වාර්තාව නොගැළපෙන බව හෙළිවෙයි

null

කොටදෙණියාවේ දී ඝාතනය වූ සේයා සඳෙව්මි දැරියගේ සිරුරෙන් ලබාගත් ආගන්තුක සෛල සාම්පල්වල ඩී.එන්.ඒ වාර්තා සැකපිට අත්අඩංගුවට ගැණුනු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ ඩී.එන්.ඒ සමග නොගැලපෙන බව අද අධිකරණයේ දී අනාවරණ වී තිබේ.

අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධා‍රීන් විසින් මේ බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කොණ්ඩයා නමැති සැකකරු විසින් මෙම ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණයක් කළ බවට මීට පෙරාතුව අනාවරණය කෙරිණි.

කෙසේ වෙතත් මේ වන විට එම ඝාතනය සිදු කර ඇත්තේ කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත් නැමැත්තා බවට පාපොච්චාරණය කර තිබේ.

එම සැකකරු ද ඊයේ (06) ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කෙරිණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>