කොණ්ඩයා පොලීසියෙන් කෝටි 5ක් වන්දි ඉල්ලයි

null

සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මහත් ආන්දෝලනයකින් පසු නිදහස් කරන ලද කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත පොලිසියට එරෙහිව කෝටි 5 ක වන්දි ඉල්ලා නඩු පවරා තිබේ.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් කියා තිබෙන්නේ සේයා දැරිය ඝාතනයට කිසිදු සම්බන්ධයක් නැති තමා දින ගණනාවක් අත්අඩංගුවේ රඳවාගෙන අමානුෂික ලෙස පහරදීමෙන් පොලිස් නිලධාරීන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනූව පොලිස්පති, රහස් පොලිසියේ අධ්‍යක්ෂ බී. ආර්. එන්. ආර්. නාගහමුල්ල රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

කෙසේ වෙතත් පොලිසිය පවසන පරිදි 32 හැවිරිදි අවිවාහක තරුණයෙකු වන දුනේෂ් වැරදි කිහිපයක් හේතුවෙන් පොලීසියෙන් සැඟව සිටි අයෙකි. කොණ්ඩයාගේ පෙර වැරදි අතර බාලඅපචාර චෝදනාද වන බව සඳහන්.

සේයා සෙඳව්මි දූෂණය කර ඝාතනය කළේ තමන් යැයි කොණ්ඩයාගේ වැඩිමල් සොයුරු වන සමන් පසුගියදා උසාවියේදී පිළිගෙන තිබුණි. මේ අතර සේයා ඝාතනයට සැකපිට මුලදීම අත්අඩංගුවට පත් 17 හැවිරිදි පාසල් සිසුවාත් මීට ඉහතදී පොලිසියට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>