කොත්තුවක් සිරවී තරුණයෙකු මියයයි

null

ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකු කොත්තුවක් ආහාරයට ගැනීමෙන් පසු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ මෙම තරුණා මිය ගොස් ඇත්තේ ආහාර විෂ වීමකින් බවට පලවන වාර්තා අසත්‍ය බවයි.

මෙම තරුණයා මියගොස් ඇත්තේ ආසාත්මික වීමකින් නොව ස්වසන මාර්ගය අවහිර වීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

මිය ගිය තරුණයා තවත් තරුණයින් දෙදෙනෙකු සමග පසුගිය සිකුරාදා කොත්තු ආහාරයට ගෙන තිබේ. ඉන් පසුව රාති‍්‍රයේ නිදියහනේදී ඔහු මියගොස් ඇත.

අද පළ වූ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ කොත්තු රොටිය ආසාත්මික වී මරණය සිදුවූ බවට මුලින් සැක පළ වුණේද එ් අනුව බව යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>