කොත්මලේ ජලාශයට පැන්න තරුණයාගේ සිරුර සොයාගැනේ

null

පොලිස් ග‍්‍රහණයෙන් මිදී ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි මෙම සැකකරු තලවාකැලේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන සිටියදී එම නිලධාරීන් දෙදෙනාගෙන් මිදී පලාගොස් කොත්මලේ ජලාශයට පැන තිබුනේ ඊයේ (31) පස්වරුවේදීය.

පසුව පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව එම පුද්ගලයාගේ සිරුර අද පස්වරුවේ සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ සහ අද දිනයේ විරෝධතාවයක් පැවතුනි. විරෝධතාකරුවන් තලවාකැලේ පූඩලූඔය ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වූණා.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය එක් කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළ බව හිරු නිව්ස් වාර්තා කරයි. පසුව එම පිරිස විරෝධතාව අවසන් කර විසිර ගොස් තිබේ.

null
null
null
null
null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>