කොත්මලේ නායයෑමෙන් 7ක් මරුට

null

කොත්මලේ – රම්බොඩ – වෙදමුල්ල වතුයායේ ලිලීස් ලෑන්ඞ් වතු නිවාස පෙලේ ඊයේ (25) සිදුවූ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 7 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ නායයාමෙන් අනතුරට පත් වූ වයස අවුරුදු 02 ක ගැහැණු දරුවෙකු සහ තවත් වයස අවුරුදු 03ක පිරිමි දරුවෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිදු වූ නායයාමෙන් මියගිය පුද්ගලයින් 04 දෙනෙකුගේ මළසිරුරු අද උදෑසන වන විට සොයාගෙන තිබුණි. වයස අවුරුදු 07ක සහ 08ක ගැහැණු දරුවන් දෙදෙනෙකුද නායයෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකම් හෙලන් මීගස්මුල්ල කියා සිටියේ නායයාමෙන් නිවාස 04 කට හානි සිදුවී ඇති බවයි. අදාළ නිවාස පෙලෙහි පවුල් 05 කට අයත් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් ජීවත් වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. නායයාම සිදුවන අවස්ථාවේදී වැඩි පිරිසක් විවිධ කටයුතු සඳහා නිවෙස්වලින් බැහැරව ගොස් සිට ඇති අතර, අවතැන්වූවන් 153 දෙනෙකු මේ වනවිට රම්බොඩ හින්දු විද්‍යාලයේ රැඳී සිටි.

මේ අතර රටපුරා බොහෝ ප‍්‍රදේශවලට තවදුරටත් වැසි අපේක්‍ෂා කරන බවත්, අකුණු ගැසීම්ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>