කොදෙව්වන් සමග පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී

null

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙම තරඟයේ කාසියේ වාසිය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට මෙරටදී මුහුණ දුන් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙන්ම එම තරගාවලියට පෙරාතුරුව පැවැති පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියද පරාජයට පත්විණි. එහෙයින් නැවත වරක් සිය අභිමානය රැකගනිමින් ජයග්‍රාහී මාවතට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් පසුවේ.

ශ්‍රී ලංකා සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක) කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, තරිඳු කෞෂාල්,නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර

කොදෙව් සංචිතය – ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රෙග් බ්‍රැත්වෙයිට්, දේවින්ද්‍ර බිෂෝ, ජෙරමෙයින් බ්ලැක්වුඩ්, කාලොස් බ්‍රැත්වෙයිට්, ඩැරන් බ්‍රාවෝ, රාජේන්ද්‍ර චන්ද්‍රිකා, ශේන් ඩොව්රිච්, ශානොන් ගේබියල්, ශායි හෝප්, දිනේෂ් රාම්දීන්, කෙමර් රොච්, මාලන් සැමුවෙල්ස්, ජෙරෝම් ටේලර්, ජොමෙල් වැරිකන්

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>