කොදෙව් – ලංකා 2වන එක්දින තරඟය අද

null

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි.

එක්දින තරගයක තරග තහනමක් හේතුවෙන් පළමු එක්දින තරගයට සහභාගි නොවූ දිනේෂ් චන්දිමාල් අද (04) තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතයි.

දෙවැනි එක්දින තරගය පිළිබඳව ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී චන්දිමාල් මෙම අදහස් දක්වා සිටියේය…

“කොදෙව් කණ්ඩායමෙන් අභියෝගයක් විය හැකි දඟපන්දු යවන්නා සුනිල් නාරීන් පමණයි. අද ලෝකයේ ඉදිරියෙන්ම සිටින දඟපන්දු යවන්නන් අතර ඔහු ඉතාමත් හොඳ පන්දු යවන්නෙක්. එවැනි පන්දු යවන්නන්ට මුහුණදෙන්න අපි මහන්සියෙන් පුහුණුවීම් කරනවා. ඒ වගේම අපි කිසිම වෙලාවක කොදෙව් කණ්ඩායම අඩු තක්සේරුවට ගන්නැහැ. ‍කෙසේ නමුත් පළමු තරගය ජයගෙන සිටින නිසා දෙවැනි තරගයට ක්‍රීඩාකරන්න ගොඩක් හොඳ මානසිකත්වයකින් ඉන්නේ.”

මේ අතර කොදෙව් – ශ‍්‍රී ලංකා පළමු එක්දින තරගයේදී නියමිත පන්දුවාර සංඛ්‍යාව මන්දගාමීව යැවීම හේතුවෙන් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් හට අද තරගය තහනම් කර තිබේ. ඒ, අනුව අද තරගයේදී කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ මාලන් සැමුවෙල්.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>