19 Dec 2014
කොන්කී්රට් තට්ටුවක් පස්දෙනෙකුගේ හිස මත වැටේ
දෙහිවල – මහරගම මාර්ගයේ බොරලැස්ගමුව ආසන්නයේ ගොඩනැගිල්ලක කොන්කී්රට් ආවරණයක් කඩා වැටි පස්දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (18) පස්වරුවේ මෙම අනතුරට මුහුණ දී ඇත්තේ එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ පුද්ගලයන් 05 දෙනෙකුයි.
කොන්කී්රට් ආවරණයක් කඩා වැටීමෙන් ඊට යට වූ පිරිස බේරාගෙන කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙ. ඉන් එක අයෙක් බේරාගැනීම සඳහා බැකෝ යන්ත්ර යොදා ගනිමින් මෙහෙයුම් සිදු කර තිබේ.
ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලේ යකඩ කණුත් සමඟ මෙම කොන්කී්රට් තට්ටුව බිමට කඩා වැටී ඇත.