කොන්ඩයාගේ අයියාගේ DNA ගැලපේ

null

කොටදෙණියාව සේයා ඝාතනය සම්බන්ධයෙන් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොන්ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත්ගේ ඩී.එන්.ඒ. ගැලපී ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් තහවුරු කර තිබේ.

ඒ ඝාතනයට ලක්වූ සැකකරුගේ ඞී.එන්.ඒ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අද මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ජින්ටෙක් ආයතනයෙන් ලබාගත් සීල් කරන ලද සාම්පල වාර්තා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද පෙරවරුවේම කටයුතු කර තිබිණි.

පසුගියදා රහස් පොලිසිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ඞී. ඒ. රුවන් පතිරණගෙන් ඉල්ලා සිටියේ ඝාතනයට ලක් වූ සේයා සදෙව්මි දැරියගේ පියාගේ ඞී. එන්. ඒ ද පරීක්ෂාවට ලක් කළ යුතු බවයි. දැරියගේ ඞී.එන්.ඒ වාර්තා නිසි අයුරින් සකස් කර ගැනීම එහි අරමුණ වී ඇත. ඊට මහෙස්ත්‍රාත්වරයාගේ අනුමැතිය හිමිවූ අතර අද දිනයේ ඔහුගේ ඞී. එන්. ඒ. වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කළේ ඒ අනුවයි.

මේ වනවිටත් සමන් ජයලත් නැමැත්තා සහ ඔහුගේ සොහොයුරා වන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>