කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න බැරි නිසා අස්වෙනවා – වඳුරඹ ඕ.අයි.සී

null

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් වඳුරඹ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ඇති වූ වාතාවරණයත් සමග වඳුරඹ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක පනංගල ලියනගේ කීර්තිසිංහ මහතා සේවයෙන් ඉල්ලා අස්වී තිබේ.

වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කීර්තිසිංහ ලියනගේ ඊයේ (22) පස්වරුවේ සිය නිවසේ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ සිට සියලූම දේශපාලනඥයින් තම රාජකාරී සිදුකිරීමේදී කරන බාධාකාරී තත්ත්වය හේතුවෙන් නීතිය අකුරට කි‍්‍රයාත්මක කිරීමට තමන්ට නොහැකි වී තිබෙන බවයි.

මේ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය ගැන සිතා තමන් සේවයෙන් ඉල්ලා අස්වූ බවත්, ඉල්ලා අස්වීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදීන් විමසද්දී ඔහු කියා සිටියේ “ හොරෙක් කෙහෙල් කැනක් කැපුවාට පස්සේ පිහිය අල්ලලා නඩුවක් දාන්න කියනවා වගේ“ වැඩක් තමාට සිද්ධ වූ බවකි.

පසුගිය දා වදුරඹ පැවැති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ රැුස්වීමක් සඳහා තැනූ වේදිකාවට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර තිබුණ අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේ ප‍්‍රදේශය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයන් තුන්දෙනෙක්. පසුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ තවත් ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් පොලීසියට පැමිණ ඔවුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබුනි. එහෙත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම සිද්ධියේදී වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා නිවට අන්දමින් කි‍්‍රයා කළේ දැයි සොයා බලන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එම අවස්ථාවේදී සදහන් කළේය.

කෙසේවෙතත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගන්නවාද නැද්ද යන්න පොලිස් මූලස්ථානය මෙතෙක් තීරණය කර නොමැති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>