කොරියානු පුහුණුවේදී තරුණයෙකු මරුට

null

කොරියානු රැකියා පුහුණුවේ අවසන් අදියරට සහභාගි වූ තරුණයෙකු අතුරුගිරියේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයකදී හදිසියේ මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ හම්බන්තොට – අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි නුවන් දහනායක නමැති වයස අවුරුදු 23 ක තරුණයෙක්.

අවසන් වරට පැවැත්වුණු කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් සමත්වූ ඔහු පසුගිය 20 වනදා අදාළ අවසන් පුහුණුවට අතුරුගිරියේ පිහිටි විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ තවත් සුදුසුකම් ලැබූ ඥාති තරුණයින් කිහිපදෙනෙකු සමගයි.

එදින පළමු දේශනයට සහභාගි වූ ඔවුන් අනතුරුව ශාරිරික යෝග්‍යතා සඳහා මධ්‍යස්ථානයේ ක්‍රීඩා පිටියට ගොස් තිබේ. වට කිහිපයක් ධාවනයේ යෙදීමෙන් අනතුරුව උපදේශකවරයා ලබාදුන් විධානයට අනුව ව්‍යායාමයක නිරත වී තිබෙන අතර එහිදී යම් අපහසුතාවයකට පත්වූ නුවන් දහනායක නම් තරුණයා එකවර බිම ඇදවැටී ඇති බව සඳහන්.

පුහුණු සැසියට සහභාගි වූ ඥාති සහෝදරයෙකු සඳහන් කර ඇත්තේ ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීම හෝ ප්‍රථමාධාර ලබාදීම ද සිදුනොවූ බවයි. තම ඥාති සහෝදරයාගේ මරණයට අදාළ මධ්‍යස්ථානයේ නොසැලකිල්ල හේතු වූ බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.

හුණු මධ්‍යස්ථානයේ පාර්ශවයෙන් යම් වරදක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණයක් ක්‍රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>