22 Feb 2015
කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ හතේ කල්ලිය කොටු
අවි පෙන්වා, බිය ගන්වා සිදුකළ කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ හත්දෙනෙකුගෙන් යුත් කල්ලියක් ගිරිඋල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව හිරු නිව්ස් සඳහන් කරයි.
අතුරුගිරිය පොලීසියට ලද තොරතුරක් අනුව ඊයේ (21) පස්වරුවේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම අවස්ථාවේදීද මොවුන් කොල්ලකෑමක් සිදුකර වෑන් රථයකින් පළා යමින් සිටි බවට පසුව අනාවරණ වී තිබේ.
මොවුන් සතුව තිබී ටී 56 ගිනි අවියක් සහ එම උණ්ඩ 30 ක්ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.