කොල්ලයක් වැරදී වෙඩි තබා පලා යයි

null

ගම්පහ බැලුම්මහර කතුරුවත්තේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කන්නට ආ පිරිසක් කළ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රියේ 7.30ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇත.

වෙළඳසැලක හිමිකරුවෙකු වන ව්‍යාපාරිකයා එය වසා නිවසට පැමිණි අවස්ථාවේ දී කොල්ලකරුවන් ඔහුට තර්ජනය කර නිවසට රැගෙන ගොස් රන් බඩු හා මුදල් සොයා ඇති බවත් මුදල් ලබාදෙන ලෙස ඉල්ලා අදාල ව්‍යාපාරිකයාට පහර දී ඇති බවත් සඳහන් වේ.

එහිදී ඔහු සහ ඔහුගේ බිරිඳගේ කෑගැසීමෙන් අසල්වැසියන් පැමිණ ඇති අතර එහිදී කළබලවූ කොල්ලකරුවන් වෙඩි තබා රුපියල් ලක්ෂයක් පමණ මුදල් හා ව්‍යාපාරිකයාගේ කාර් රථයේ යතුර පැහැරගෙන පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් අසල්වාසියකු වන ලක්ෂ්මන් රණවීර (50) තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළු කරනු ලැබ ඇති බව ලංකාදීප වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර කොල්ලයට සැකකරුවන් පස් දෙනකු පමණ රතු පැහැති කාරයකින් පැමිණ ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>