කොස්ලන්දට පකිස්ථානයෙන් ආධාර

null

කොස්ලන්ද මීරිය බැද්ද වතු යායේ නාය යෑමට හසුවු පවුල් වලට සහන සැලසීම සඳහා පකිස්ථාන රජයෙන් ප්‍රධානය කළ ඛෙහෙත් ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ තොගයක් රැගත් පකිස්ථාන් ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානය අද සවස කටුනායක ගුවන් හමුදා යාත්‍රාංගනයෙන් දිවයිනට පැමිණියේය. නාය යාමෙන් විපතට පත් වුවන්ට ඛෙදා දීමට සඳහා ගුවනින් ගෙන ආ ප්‍රථම විදේශ ආදාර තොගය මෙය වෙයි.

කිලෝවට් 5 දාරිතාවයෙන් යුතු ජෙනරේටර් 10 යක්, විශාල ප්‍රමාණයේ ටෙන්ට් රෙදි 150 ක් සහ කිලෝග්‍රෑම් 700 ක් බර ඛෙහෙත් ද්‍රව්‍ය එහි විය. දිවයිනට ගෙන එනු ලැබු එම භාණ්ඩ තොගය ගුවන් හමුදා යාත්‍රාංගනයේදී ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජනරාල් කාසිම් කිව්රෙස්සි මහතා විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරලා් මහින්ද අඹන්පොළ මහතාට නිල වශයෙන් බාර දුන්නේය.

මේ අතර විපතට පත්වූවන්ට සැලසීමට නවසීලන්තයද ඉදිරිපත්වී තිබේ. ඒ, නවසීලන්තයේ ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නේදන් ගයි මහතා, අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි. එහිදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ නායයෑමෙන් පසුව සිදුවන සහන ප‍්‍රයත්නයන් සඳහා ශ‍්‍රී ලංකාවට තම රජයේ සහය ලබාදෙන බවයි.

null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>