කොස්ලන්දේ යළි නාය යාමේ අවදානමක්

null

කොස්ලන්ද, මීරියබැද්ද ආසන්නයේ යළි නාය යාමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වේ.

ලංකාදීප පුවත් වාර්තා කරන්නේ 29 වැනි දා නාය ගිය තැනට ඉදිරියෙන් පිහිටි භූමි භාගයේ අඩියක පමණ විවරයක් මතුව තිබෙන බවයි. මෙම ප්‍රදේශය නාය ගියහොත් මීරියබැද්දට යා නොහැකි වන බවද පැවසේ.

මේ හේතුවෙන් පවුල් 101 කට අයත් පුද්ගලයින් 408 දෙනෙකු එම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඔවුන් කොස්ලන්ද ශී‍්‍ර ගනේෂා දෙමළ මහ විදුහලේ තාවකාලිකව රඳවා ඇති බවට වාර්තා වේ.

මේ අතර මීරියබැද්දවත්තේ නායයාමට ලක්ව අවතැන් වු පවුල් 75 ක් සදහා නිවාස ඉදිකිරිමට මහා භාණ්ඩාගාරයේ මැදිහත් වීමෙන් ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 300 ක මුදලක් ලබා දී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>