කොළඹ ප්‍රදේශ රැසක පැය 36ට ජලය කපයි

watercut
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (02) පෙරවරු 09.00 සිට පසුදින රාත්‍රි 09.00 දක්වා පැය 36ක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෝට්ටේ මහනගර සභා බල ප‍්‍රදේශය, බත්තරමුල්ල, මාලඹේ, තලංගම, කොස්වත්ත, කළපළුවාව, හල්බරාව, තලවතුගොඩ, කලල්ගොඩ, හෝකන්දර, ජයවඩනගම සහ ඒ අවට ප‍්‍රදේශවලට මේ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇත. ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව, කැස්බෑව නගර සභා ප‍්‍රදේශය, කොළඹ 05 ප්‍රදේශය, හයිලෙවල් පාරේ රේල්වේ ඇවනිව් හන්දියේ සිට කිරුළපන හන්දිය දක්වා ප්‍රධාන පාර සහ අතුරුමාර්ග, බේස්ලයින් පාරේ කිරුළපන සිට බොරුල්ල දක්වා ප්‍රධාන මාර්ග සහ අතුරුමාර්ග, කින්සි පාර කොටාපාර කාසල්වීදිය ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමතව තිබේ.

අදාළ කාලය තුළ කොළඹ 06 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන අතර බත්තරමුල්ල පොල්දූව නව පාලම ඉදිකරන ස්ථානයේ සිදුකෙරෙමින් පවතින ජල නල එළීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවද සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>