කොළඹ ප‍්‍රදේශ රැසකට හෙට පැය 18ක් වතුර නෑ

null

හෙට සහ අනිද්දා දිනවලදී කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහානගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙනු ඇති.

මහරගම, බොරැලැස්ගමුව සහ කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශයන්ට අයත්.

අඹතලේ ජල පවිත්‍රගාරයේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්අහිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට (28) පෙරවරු 11.00 සිට 29 වන ඉරිදා අළුයම 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ වලට ජලය සැපයුම අත්හිටුවනු ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>