27 Sep 2015
කොළඹ බැංකුවක ලක්ෂ 55ක කොල්ලයක්
කොළඹ, ධර්මපාල මාවතේ පිහිටි පුද්ගලික බැංකුවකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එහි ආරක්ෂකයාට පහරදී රු.මිලියන 5.5ක මුදලක් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
අද (27)අලුයම සිදුවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂකයා රෝහල් ගත කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය කියා සිටියි.