කොළඹ මාර්ග කිහිපයක් one way කිරීමට සැරසෙයි

null

කොළඹ නගරයේ පවතින අධික රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ඉදිරියේදි මාර්ග කිහිපයක රථ වාහන ධාවනය එක් දිශාවකට පමණක් සීමා කිරීමට පොලිසියේ අවධානය යොමුව ඇත.

එ් අනුව උදෑසන 7 යි 15ත්, 8 යි 45ත් යන කාලය අතරතුර රාජගිරිය වැලිකඩ පොලීසිය අසල සිට ආයුර්වේද වටරවුම දක්වාත්, දේවි බාලිකා විද්‍යාලය අසල සිට නෙළුම් පොකුණ රඟහල දක්වාත් මෙලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.

කෙසේ වෙතත් එලෙස වාහන ධාවනය සීමා කෙරෙන්නේ කවදා සිටදැයි මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැත. එ් සම්බන්ධයෙන් ඉදිරි සතියේදී තොරතුරු ලබාදෙන බව පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

කොළඹ නගරයට පැමිණෙන බොහෝ දෙනෙකුට මේ දිනවල මුහුණ පාන්නට සිදුව ඇති අත්දැකීමක් වන්නේ අධික රථ වාහන තදබදයයි. උදෑසන 7 සිට 8 යි 30 පමණ දක්වා මෙන්ම සවස 4 සිට රාති‍්‍ර 7 පමණ වනතුරු මෙම අධික රථ වාහන තදබදය දක්නට ලැබෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>