18 May 2018
කොළඹ මීටර් සහිත රථ ගාල් වලින් දඩ අයකිරීම නවතයි
කොළඹ මහනගර සීමාවේ මීටර් සහිත රථ ගාල් වල ගාස්තු නොගෙවීමේදී දඬ මුදල් අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ.
කොළඹ මහානගර සභා බල ප්රදේශයේ රථ ගාල් කිහිපයක ස්වයංක්රීය මීටර් සවි කර තිබූ අතර ඒවායේ රථ වාහන ගාල් කරනු ලබන රියදුරන් ගාස්තු නොගෙවීමේදී දඬ මුදල් අය කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.
කෙසේවෙතත් අදාල දඩ මුදල් ඉහල අගයක් ගන්නා බවට ජනතාවගෙන් ලද පැමිණිලි හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.