කොළඹ රථගාල්වලට ‘පාර්කින් මීටර්ස්’

null

කොළඹ නගරයේ මාර්ග දෙපස වාහන නැවතුම්පළවල ගාස්‌තු අය කිරීමට ඉලෙක්‌ට්‍රොනික්‌ පාර්කින් මීටර්ස් ලබන සතියේ සිට සවි කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු සූදානම් කර ඇත.

රථවාහන ගාල් කිරීම කළමනාකරණය සහ ගාස්තු අය කිරීම විධිමත් කිරීම සඳහා පාර්කින් මීටර්ස් සවි කිරීමේ නියමු ව්‍යාපෘතිය ලබන ජනවාරි 01 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.

කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.

මේ වන විට නගර සභා නිලධාරිනියන් යොදවා ටිකට්‌ ලබා දී ගාස්‌තු අය කරන අතර ඉලෙක්‌ට්‍රොනික්‌ යන්ත්‍ර සවි කිරීමෙන් පසු ගාල් කරන වාහනයේ රියෑදුරු හෝ වෙනත් අයකු ඉලෙක්‌ට්‍රොනික්‌ යන්ත්‍රයට මුදල් යොදා ඉන් ටිකට්‌ පතක්‌ ලබා ගත යුතුය.

මෙහි ප්‍රථම අදියර ලෙස ගාලු පාර සහ ඩුප්ලිකේෂන් පාර මුල් කරගෙන ඉලෙක්‌ට්‍රොනික්‌ යන්ත්‍ර සවි කරනු ලබයි. මෙය කොළඹ මහ නගර සභාව විසින් ප්‍රථම වරට සිදුකරනු ලබන අතර පෞද්ගලික ආයතනයක්‌ මෙය පවත්වාගෙන යයි. ගාල් කරන වාහනවල අංක සීසීටීවී කැමරා මගින් පටිගත කෙරෙන අතර ගාස්‌තු නොගෙවා පිටව යන වාහනවල අංක මෝටර් රථ දෙපාර්තමේන්තුවට යොමු කර ලබාගන්නා තොරතුරු මත දඩ පත්‍රිකාවක්‌ වාහන හිමියා වෙත එවීමට කටයුතු කෙරේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>