කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් දිගටම

null

චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගරය‘ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරිසර වාර්තාවේ දෝෂ නොමැති බවට අග‍්‍රාමාත්‍යවරයා අද දිනයේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඉකුත් රජය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂි ජින් පිං මහතා අතින් මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භවූ අතර නව රජයක් බලය ලබාගැනීමෙන් පසු මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මකවේද යන්න පිළිබඳ විවිධ මතිමතාන්තර පැවතිණි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ.

“කලම්බෝ පෝට් සිටි ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළා. පසුගිය කැබිනට් එකේදීත් සාකච්ඡා කළා. එතකොට අග‍්‍රාමාත්‍යතුමා මේකේදී ඉදිරිපත් කළා කරුණක්, මේ පිළිබඳව පරිසර වාර්තාව, ඊ.අයි.ඒ. එක. එය කර තිබෙනවා මුහුද ගොඩ කිරීම පිළිබඳව. එය ප‍්‍රශ්නයක් නැහැ. දෙවැනි ඊ.අයි.ඒ. එකක් ඕනි මේ ගොඩබිම කරලා ඒවායේ ඉතිරි සංවර්ධන කටයුතු සඳහා. ඒක නැහැ. චීන රජයත් අනවබෝධයක් ඇති නොවන පරිදි මෙය අපි කළ යුතුයි කියා එතුමා කිව්වා. අනෙක ජනාධිපතිතුමාත් මාර්තු මාසයේ චිනයට යනවා. ඒවත් සමග කතා කරගෙන යන අතරේ අඩුපාඩු ටික අපි හදමු මේ විදිහට කියලා.”

මේ අතර මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන මාර්තු මාසයේදී චීනයේ සංචාරයක නිරතවීමටද අපේක්ෂා කරන බවද සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>