15 May 2018
කොළඹ විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න
කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය විසන්දි වීම මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. අද උදෑසන 7 සිට පැය 5ක පමණ කාලයක් මෙලෙස විදුලිය විසන්ධි වී තිබුණි.
බියගම සිට පන්නිපිටිය දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවු කාර්මික දෝෂයක් හේතුවෙන් විදුලිය විසන්ධි වී ඇති බව විදුලි බල අමාත්‍යංශය පවසනවා.
මේ හේතුවෙන් ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, මහරගම,රත්මලාන, පන්නිපිටිය යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබුණි.
විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතරතුරදි මෙම විදුලි බිඳ වැටීම සිදුව තිබු අතර කොන්දේසි කිහිපයක් මත පදනම්ව ඔවුන් නඩත්තු කටයුතුවල නිරත වී ඇති බව අද දෙරණ වාර්තා කරයි.