කෝට්ටේ ගණිකා නිවසක් වටලයි – නිළියක් අත්අඩංගුවට

null

ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සුපිරි දෙමහල් නිවෙසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් සිවු දෙනකු සමඟ එහි කළමනාකරු නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අසල්වැසියන්ගෙන් ලැබුණු පැමිණිලිවලින් අනතුරුව මෙම වැටලීම සිදු කල බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවන් අනුරාධපුර – තංගල්ල – මහියංගණය – මීගමුව වැනි පිට පළාත්වලින් පැමිණි වයස 22 සහ 30 අතරේ පසුවන අය බවත්, කොළඹ රැකියා කිරීමට එන බව කියා ගණිකා වෘත්තියේ නියැළී ඇති බවත් පොලිසිය පවසයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි මෙහිදී කාන්තාවක් රුපියල් දෙදහසේ සිට ඉහළ මුදලකට අලෙවි වූ බව වාර්තා වන අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළියක්ද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ අලුත්කඩේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළ අතර දඩ ගෙවා ගැනීමට නොහැකි වූ සැකකාරියන් දෙපළක් ප්‍රජා සේවයේ යෙදවීමට අධිකරණයෙන් නියම කොට තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>