කෝටි එකහමාරක් ගත්තේ නැහැ, ගත්තේ රුපියල් ලක්ෂ 68යි

null

හම්බන්තොට වරාය විවෘත කිරීමේ උළෙලේදී සිය රංගායතනය රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා ගත් බවට පළ වන වාර්තා අසත්‍ය බව චන්න විජේවර්ධන සහ උපුලි පනීභාරත පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කර ඇත්තේ තමන් ඒ සඳහා රුපියල් 68 ලක්ෂ 88,125ක මුදලක් පමණක් ලබාගත් බවයි.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට මහා පරිමාණ දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට ඉකුත්දා තමන් දෙදෙනා කැඳ වූ අවස්ථාවේදී ඊට අදාළ සියලුලේඛන ඉදිරිපත් කළ බවද ඔවුන් සඳහන් කරයි.

තමන් රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා ගනිමින් අක‍්‍රමිකතාවක් සිදුකර ඇතැයි ඇතැම් මාධ්‍ය කළ වාර්තා කිරීම්වලින් තමන් හා චන්න උපුලි රංගායතනය වරදකරුවන් බවට පත්කර ඇතැයිද චන්න විජේවර්ධන සහ උපුලි පනීභාරත පවසයි.

එමෙන්ම ඊට අදාළව සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පවුලේ සාමාජිකයින් මෙන්ම නර්තනය හදාරණ සෙසු දරු දැරියන් ද මානසික පීඩාවට පත්ව ඇති බව ද එම ආයතනය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙයි.

එම නිවේදනය පහතින්…

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>