කෝටි 13 සුපිරි ලොතරැයි දිනුම ඇඹිලිපිටියට

null

මෙරට ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ත්‍යාග මුදල වන රුපියල් දහතුන්කෝටි දහතුන්ලක්ෂ හැටදහස් එකසිය තිස් හයයි සත හතළිහක (13,13,60,136.40) ක මුදල් ත්‍යාගය පෙරේදා (19) දිනුම් අදිනු ලැබූ ගොවිසෙත ලොතරැයියේ දිනුම් වාරයේදී ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ වාසනාවන්තයෙකු විසින් දිනාගෙන තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ජයග‍්‍රාහී ලොතරැයිපත ඊයේ (20) පෙරවරුවේදී ජයග‍්‍රාහකයා විසින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත භාරදුන් බවත් ජයග‍්‍රාහයා වෙත මෙම සුපිරි ත්‍යාග මුදල, ඉදිරි දිනකදී උත්සවාකාරයෙන් පිරිනැමීමට කටයුතු කරන බවත් සඳහන්.

මෙය මෙරට ඉතිහාසයේ ජයග‍්‍රාහකයකු වෙත මෙතෙක් පිරිනමනු ලබන විශාලතම ත්‍යාග මුදල වීම විශේෂත්වයයි.

වසර 50 ඉක්මවූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ඉතිහාසයේදී මෙම සුවිශේෂී සුපිරි ත්‍යාග මුදල හිමි ජයග‍්‍රාහකයා බිහිකර ඇත්තේ එහි දිස්ත‍්‍රික් අලෙවි නියෝජිත අයිරාංගනී පුෂ්පවර්ණගේ මගින් ඇඹිලිපිටිය අලෙවි නියෝජිත එච්.ජී. ප‍්‍රියන්ත මහතා විසිනි. එම ලොතරැයිපත ජයග‍්‍රාහකයා වෙත අලෙවි කර ඇත්තේ පදලංගල ප‍්‍රදේශයේ ලොතරැයි අලෙවිකරු තිළිණ සම්පත් මහතා විසිනි.

තිළිණ සම්පත් මහතා මෙම ජයග‍්‍රාහී ලොතරැයි පත අලෙවි කිරීම සම්බන්ධයෙන් සඳහන් කරන්නේ මෙවැන්නකි.

“19 වැනිදා හැන්දෑවේ තාත්තාට ටිකක් අසනීපයි කිව්ව නිසා මම ඉතුරු ටිකට්පත් අරගෙන වෑන් රථයෙන් පදලංගල පැත්තට ගියා. එදින රාත‍්‍රී 7.30 විතර වෙද්දී ටිකට්පත් සියල්ල අලෙවි වුණා. පදලංගල ප‍්‍රදේශයේ දී රතුපාට ති‍්‍රරෝද රියකින් පැමිණි තුන්දෙනෙක් වෑන් එක නතර කරලා ගොවිසෙත ටිකට් තියෙනවාද ඇහුවා. මම කිව්වා ඉවරයි කියලා. ඔයා ළඟ තියෙන ටිකට් එකක් හරි අපිට දෙන්න කියලා ඔවුන් කිව්වා.

මම සාමාන්‍යයෙන් දවසකට ටිකට් 15ක් 20ක් විතර ගන්නවා. මේ දවස්වල වැඩිපුරම ගන්නේ ගොවිසෙත. ති‍්‍රරෝද රථයෙන් ආපු තිදෙනාට මම මගේ ළඟ තිබුණු ටිකට් 10න් 3ක් දුන්නා. වේලාව 7.45ට විතර ඇති. පස්සේ ගමෙන් ආරංචි වුණා එ් ටිකට් තුනෙන් එකක තමා දිනුම තිබිලා තියෙන්නේ කියලා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>