කෝටි 5ක රත්‍රං යට ඇඳුමේ සඟවාගෙන පැමිණි ගණකාධිකාරිවරියක් මාට්ටු

null

රුපියල් කෝටි 05ක් වටිනා රත්‍රං තොගයක් සමග ගණකාධිකාරිවරියක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව සතුව තිබී කිලෝ ග්‍රෑම් 10ක් බර රන් කැබලි 100ක් සොයාගෙන ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ අද අළුයම 1.10ට පමණ ඩුබායි සිට පැමිණි එෆ්. ඉසෙඩ් 557 ගුවන්යානයෙන් අදාළ කාන්තාව දිවයිනට පැමිණ ඇති බවයි.

මෙම සැකකාර කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන අතර වෘත්තියෙන් ගණකාධිකාරීවරියකි. ඇය සතියකට තුන් හතර වතාවක් ඩුබායි හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව විමර්ශණ වලින් හෙළිවී තිබේ. මෙම රන් බිස්කට් පාර්සල් දෙකකට සකස්කොට ඇයගේ ශරීරයේ රහස් ප්‍රදේශයේ සඟවාගෙන එය නොවැටෙන ලෙස ඊට උඩින් යට ඇඳුම් පහක් ඇඳ තිබු බවද, එක් පාර්සලයක රන් බිස්කට් 18 ක්ද, අනෙකෙහි 82 ක් ද තිබු බවද රේගුව පවසයි.

රේගුව විසින් එකී තරුණියගෙන් ප්‍රශ්ණ කරද්දී ඇය පවසා ඇත්තේ ඩුබායි හිදී නාඳුනන පුද්ගලයෙකු විසින් ලබා දුන් මෙම රන් බිස්කට් රුපියල් පන්දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙරටට ගෙන ආ බවයි. කෙසේ වෙතත් රේගුව පවසන්නේ එය රේගු අත් අඩංගුවට පත් වන ඕනෑම පුද්ගලයෙකුගේ සුපුරුදු පිළිතුරක් බවයි.

null
null
null

Pics – ලංකාදීප 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>