කෝලිට එරෙහිව ICCයට පැමිණිල්ලක්

null

ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි තමන්ට නොමනා වචනයෙන් කතා කළ බව සඳහන් කරමින් මාධ්‍යවේදියකු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.

ඉන්දියාවේ ප්‍රමුඛතම පුවත්පතක් වන හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙක් වන ජස්වින්දර් සිදු මෙලෙස කෝලිට එරෙහිව පැමිණිලි කර ඇත.

ඉන්දිය කණ්ඩායම ඊයේ (03) පර්ත්හි පුහුණුවීඹ් සිටින විට කෝලි මෙසේ නෙමනා වචනයෙන් කතා කළ බව පැමිණිල්ලේ සඳහන් වෙයි. කෙසේ වෙතත් විරාත් කෝලි මෙලෙස මාධ්‍යවේදියාට බැන වැදී ඇත්තේ වැරදි වැටහීමක් ඇති කරගෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඔවුන්ගේ පසුගිය එංගලන්ත සංචාරය අතරතුරේදී කෝලිගේ පෙම්වතිය වන බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේම නවාතැන් ගත් බවට මාධ්‍යවේදියෙකු පුවත් පතකට වාර්තා කර තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත් මේ එම මාධ්‍යවේදියා නොවන බව දැනගත් වහාම කෝලි ඔහුගෙන් සමාව ගෙන තිබෙන අතර ඉන්දීය කණ්ඩායමේ පාලනාධිකාරිය ඉදිරියේදී මෙවැනි සිදුවීම් වලට ඉඩ නොතබන ලෙස කෝලිට අවවාද කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>