29 Mar 2015
කෝලි, අනුෂ්කා සමඟ ඉන්දියාවට ආපු හැටි
පසුගියදා පවතී ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයේ පරාජයත් සමග ඉන්දීය කණ්ඩායම යලි එරටට පැමිණ තිබේ. මෙහිදී වැඩි කතාබහට ලක්වූ කෝලි, අනුෂ්කා යුවල හොර රහසේම පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ඔවුන්ට පැපරාසින්ගෙන් ගැලවීමට පුළුවන්කමක් ලැබී නැහැ. ඔවුන් පැමිණි අවස්ථාවේ ඡායාරූප ලබාගැනීම සඳහා විශාල පිරිසක් එක්රැස්වී සිට තිබේ.
මින් පෙර ඔවුන් ප්‍රසිද්ධියේ, මාධ්‍ය ඉදිරියේ පෙම්වතුන් ලෙස හැසිරුනේ නැතත් එම අවස්ථාවේ කෝලි, අනුෂ්කාගේ අත තදින් අල්ලාගෙන සිටින අයුරු දකින්නට ලැබුනා.
මේ පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනේ ලෝක කුසලාන පරාජයත් සමග අනුශ්කාට එල්ල වූ චෝදනා වලට දෙදෙනාම එක්ව මුහුණ දීමට සුදානමෙන් එසේ පැමිණෙන්නට ඇති බවයි.