24 May 2018
කෝලි එක්ක ඩිවිලියස් එකතුවෙලා ලංකාව හෑල්ලු කරපු හැටි
ඉන්දීය ප්රිමියර් ලිග් තරඟාවලිය අතුරතුරදී බැංගලෝර් කණ්ඩායමේ ක්රීඩකයින් වන විරාත් කෝලි, AB ඩිවිලියස් සමග ජනප්රිය ඉන්දීය සමාජජාල වීඩියෝ නිෂ්පාදකයින් දෙදෙනෙක් සිදු කල වැඩසටහනක දී ඔවුන් ශ්රී ලංකා ක්රිකට් හෑල්ලුවට ලක්කරමින් කතා කර තිබෙනවා.
එම වැඩසටහන මෙහෙය වූ දෙදෙනා “ශ්රී ලංකාව සමග ක්රීඩා කිරීම දැන් නවත්තන්න බැරිද” ලෙස ප්රශ්නයක් විමසනවා, ඊට පිළිතුරු දෙමින් AB ඩිවිලියස් පවසන්නේ ශ්රී ලංකාව සමග ක්රීඩා කිරීම ඕෆ් සීසන් එකක් වගේ යනුවෙනි.
විරාත් කෝලි ද එයට එකඟ වන අතර තවත් දේ පවසන්නට ගොස් උපහාසයෙන් යුතුව කතාව නතර කර ගනු ලබනවා.
එම වීඩියෝව පහතින්…