ක‍්‍රීඩා විචාරකයින්ට ශ‍්‍රී ලංකාව ගැන සැකයක්

null

ඉන්දියාව සමඟ පැවති දෙවැනි එක්දින තරඟයෙන් ද දැවැන්ත පරාජයකට ලක්වූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල සැබෑ උද්යෝගයකින් තරඟාවලියට සහභාගි වන්නේ ද යන්න ගැටලූවක් බව ක‍්‍රීඩා විචාරකයන් පවසයි. එමෙන්ම, ලොව විශිෂ්ඨතම එක්දින ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල ඉන්දියාවේදී මෙතරම් අසීරුතාවට පත්වීම පිළිගත නොහැකි කරුණක් ලෙස විචාරකයන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පිළ මෙම තරඟාවලිය සඳහා සහභාගී වුයේ බටහිර ඉන්දීය කොදෙව් පිළ ඉන්දියාව සමග පවතී තරග කිහිපයක් අතහැර දැමු නිසාවෙන් ශ්‍රී ලංකා පිළ මෙම තරඟාවලිය සඳහා එක්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කල ඉල්ලීමකට පසුවය. ඒ හේතුවෙන් පෙර සුදානමක් නොතිබීම මෙයට හේතු විය හැකිද යන්න සැක පල වේ.

පළමු එක්දින තරඟයෙන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 169 ක පරාජයක් ලැබූ අතර දෙවැනි තරඟයෙන් ඉන්දීය පිල කඩුලූ 6 ක ජයක් ලැබුවේ පන්දු 33 ක් ඉතිරිව තිබියදීයි. තරඟාවලිය සඳහා ශ‍්‍රී ලංකා පිලට ක‍්‍රීඩකයන් තෝරා ගැනීම පිළිබඳව ද තරඟ විස්තර විචාරකයන් විවේචනයට ලක් කළේය. විශේෂයෙන් දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න පළමු තරඟ තුන සඳහා විවේක ගැන්වීම සිදුනොකළ යුතුව තිබූ කරුණක් බවයි ඔවුන් කියා සිටියේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ ඉන්දීය කණ්ඩායමට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගකාරීත්වය ප්‍රමාණවත් මට්ටමක නොපැවතීම පිළිබඳව කනගාටු වන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ද පරාජයට පත්වීමෙන් පසුව ය. පළමු වන සහ දෙවන එක්දින තරග දෙකේදී ම ඉන්දීය කණ්ඩායම විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ බව ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. සිය කණ්ඩායම ක්‍රමයෙන් සර්ථකත්වය කරා ළඟා වෙමින් සිටින බව ඔහු මෙහිදී පෙන්වා දුන් අතර ඉදිරි තරගවලදී හොඳින් ක්‍රීඩා කර ජයග්‍රහණ ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>