21 May 2018
ගංඟා වල ජාල මට්ටම ඉහලට – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඇතැම් ස්ථාන වල ගංවතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය ස්ථාන කිහිපයකින් පිටාර ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජීවත් වන ජනතාව හදිසි ගංවතුර තත්වයකින් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
කැළණි ගඟේ සහ ඊට සම්බන්ධ අතු ගංඟා දෙපස පහත බිම් වල වාසය කරන ජනතාව ගංවතුර තත්වය පිළිබඳව සැලකිල්ලෙන් සිටින ලෙස එම දෙපාර්තුමේන්තුව ඉල්ලීමක් කරන අතර නිල්වලා ගඟ පිටබැද්දර, හා ඌරව ප්‍රදේශ වල සුළු ගංවතුර මට්ටමක් පවතින අතර අකුරැස්ස, පානදුගම පහල ජල මට්ටම මහ ගංවතුරක් දක්වා වර්ධනය වෙමින් පවතින බවද සඳහන් කර ඇත.