ගඟට පැන්නත් මරණ බියෙන් ගොඩ පීනයි

null

මාතර, මහානාම පාලම මතින් නිල්වලා ගඟට පැන ඇති එක්දරු මවක යළි ගොඩට පිහිනා විත් දිවි බේරාගැනීමේ පුවතක් අද වාර්තා විය.

එසේ ජීවිතය බේරාගැනීමට සමත් වූයේ මොරවක නෙළුව පදිංචි චින්තා සුභාෂිණී මාවතගම (අවු.32) නමැති කාන්තාවකි.

සියදිවි හානිකර ගැනීමේ අදහසින් ගඟට පැන ඇති ඇය එහි අපහසුකම දැනෙන විට මිනිත්තු 10 ක පමණ කාලයක් ගං ඉවුර දෙසට පිහිනා විත් මෙසේ දිවි රැකගෙන ඇත.

පී.ඩී. ජයසිරි (41) මහතා ගංඉවුරට ගොස් උණ බටයක් දිගු කර ඇයගේ දිවි බේරාගැනීමට උපකාර කර ඇත. පසුව මාතර යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකුගේ සහයෝගය ඇතිව අදාළ කාන්තාව මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

null
null
null
null
null
null

(Pics – ada.lk)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>