ගඩාෆි කරට අතදැමූ ෆොටෝ එක ගැන මහින්ද කතාකරයි

null

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව මගින් සිදුවී ඇත්තේ රටට අහිතකර මෙන්ම දේශපාලනික වශයෙන් ප්‍රායෝගික නොවන ක්‍රියාදාමයක ආණ්‌ඩුව හිරවීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

අද අප ත්‍රස්‌තවාදයෙන් තොර රටක ජීවත් වන්නේ විදේශීය පීඩනයට තමා යටත් නොවූ නිසා බවද ලංකාවේ ජනතාව ඡන්ද බලයෙන් ආණ්‌ඩු පත් කරගන්නේ මේ රටට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මිස විදේශ බලවතුන් කියන හැමදේටම ඔළුව වැනීමට නොවන බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටී.

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපතිවරයා සහ ලිබියානු නායක ගඩාෆි අතර සම්බන්ධතාවය ගැන සිදු කළ විවේචනයට ද ඒ මහතා මෙසේ පිළිතුරු ලබාදී තිබේ.

මා ලිබියාවේ නායක මුවම්මර් ගඩාෆි මහතාගේ කර වටා අත දමා ගැනීම නිසාත් බටහිර රටවල් ලංකාව සමග උරණ වූ බවද ඇතැම් අය කියයි. මේ කියන ඡායාරූපයේ මාගේ කර වටා අත දමා සිටින්නේ ගඩාෆි මහතාය. 2009 දී යුද්ධයේ අවසන් මාස කීපයට අවතීර්ණ වත්ම එවක ලෝකයේ ඇති වී තිබූ දරුණු ආර්ථීක අවපාතය හේතුවෙන් ලංකාවේ විදේශ සංචිත සීග්‍රයෙන් පහත වැටෙමින් පැවතුණි. මේ අවස්‌ථාවේ දී බටහිර රටවලින් එල්ල කරනු ලැබූ පීඩනය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපට ලැබිය යුතුව තිබූ ණය පහසුකම් ද ප්‍රමාද විය. ඒ අවස්‌ථාවේ දී මා දුන් එක දුරකථන ඇමතුමකින් ඇ. ඩොලර් මිලියන 500 ක ණයක්‌ ලංකාවට ලබා දීමට ගඩාෆි මහතා එකඟ විය. ඒ පොරොන්දුව නොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර ආර්ථීකය ඇන හිටීමට ඉඩ තිබුණි.

ලංකාවේ යුද්ධය නැවැත්වීමට විදේශීය ප්‍රභූවරුන් මෙහි පැමිණි අවස්‌ථාවේ දී ඔවුන්ව ඇඹිලිපිටියට ගෙන්වා මඤ්ඤොක්‌කා කෑමට දී ඔවුන්ට සිතා මතා අපහාස කළ නිසා බටහිර රටවල් අපට එරෙහිව යෝජනා සම්මත කරන බවටද අදහසක්‌ පළ විය. යුද්ධයේ අවසන් දිනවල හමුදා මෙහෙයුම් නතර කර වීමට මට බලපෑම් කිරීම සදහා පැමිණි බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ඇමැතිවරුන්ට ලබාදුන් ආහාර මොනවාදැයි මට දැන් මතකයක්‌ නැත. නමුත් යුද මෙහෙයුම් නතර කිරීම මම එකහෙලාම ප්‍රතික්‌ෂේප කළ බව පිළිගනිමි. අප අද ත්‍රස්‌තවාදයෙන් තොර රටක ජීවත් වන්නේ විදේශීය පීඩනයට මම යටත් නොවුනු නිසාය. ලංකාවේ ජනතාව සර්වජන ඡන්ද බලයෙන් ආණ්‌ඩු පත් කර ගන්නේ මේ රටට සුදුසු ක්‍රියාමර්ග ගැනීමට මිස විදේශීය බලවතුන් කියන හැමදේකටම ඔළුව වැනීමට නොවේ. ජිනීවාහි සම්මත කරගත් මේ යෝජනාවටද ඒ යථාර්ථය එලෙසම වලංගු වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>