ගණිකා වෘත්තිය නීතිගත කරන ලෙස ලිංගික ශ්‍රමිකයින් ඉල්ලයි

null

ගණිකා වෘත්තිය නීතිගත කරන ලෙසත් එම වෘත්තියේ යෙදෙන්නන්ට බාධාවකින් තොරව ජීවනෝපායේ නියැලීමට අවශ්‍ය නීති සකස්කරන ලෙසත් ලිංගික ශ්‍රමිකයින් පිරිසක් ඉල්ලා සිටියි.

ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ඊයේ කොළඹ පවතී මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර තිබේ.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ එම සංවිධානයේ සම සභාපතිනී බාලචන්ද්‍රන් මහේෂ්වරී මහත්මිය ප්‍රකාශ කර සිටියේ සමස්ත සමාජය විසින් තමන් වැනි ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ප්‍රතික්ෂේප කරනවා මිස කාන්තාවක ලිංගික වෘත්තීයේ යෙදෙන්නේ ඇයිදැයි සමාජය විසින් නොඅසන ගැටළුවක් බවයි.

එමෙන්ම පොලිස් නිලධාරීන් විසින් ද තම වෘත්තියේ යෙදෙන්නියන් පරිහරණය කර ඉන් පසු උසාවියට ඉදිරිපත් කරන බවට ද එහිදී ඇය චෝදනා කළා ය.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටි සකුණි මායාදුන්න නමින් පෙනිසිටි සංක්‍රන්තික ලිංගික (Transgender) කාන්තාවක පැවසූවේ තමන් වැන්නවුන්ට එදිනෙදා කටයුතුවල දී අනන්‍යතාව තහවුරු කරගැනීමේ ගැටළු පවතින බව යි.

තමන්ට මේ වන විට සමාජය තුළින් විශාල අර්බුද රාශියකට මුහුණ පා ඇති බවත්, එය තමාට මානසික බලපාන බවත් ඇය එහිදී කියා සිටියාය.

කෙසේ වෙතත් තමන් ඇතුළු ලිංගික ශ්‍රමිකයින් මුහුණ පාන ගැටලු වලට විසඳුමක් ලබාදෙන ලෙස තමන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>