ගතවූ පැය 24 තුල ජිවිත 6ක් දිය රකුසාට බිළි

10

ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ ස්ථාන කිහිපයක දියේ ගිලීමේ සිද්ධීන් හේතුවෙන් පුද්ගල මරණ 6ක් සිදුවී ඇති බවට වාර්තා වේ. නිකවැරටිය – පොල්පිතිගම – හක්වටුන ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ඊයේ (08) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වු අතර ප‍්‍රදේශවාසීන් විසින් ගොඩ ගත් එම මළ සිරුරු මේ වන විට පොල්පිතිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

මේ අතර වැල්ලම්පිටිය – අඹතලේ මාර්ගයේ 5 කණුව අසළින් කැළණි ගෙඟ් දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ඊයේ දියේ ගිලී අතුරුදන් වී ඇති අතර, ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අද පෙරවරුවේ සොයා ගෙන තිබේ.

තවද උස්වැටකෙයියාව මුහුදු තීරයේදී පවුලේ ඥාතීන් සමඟ දිය නෑමට ගිය වයස අවුරුදු 6ක පිරිමි දරුවෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වුණා. අද උදෑසන එම දරුවාගේ මළ සිරුර වෙරළට ගොඩ ගසා තිබීයදී සොයාගෙන තිබෙ.

මීට අමතරව කොස්ගොඩ ප‍්‍රදේශයේ මුහුදු තීරයේදී ඊයේ පස්වරුවේ දිය නෑමට ගිය තරුණියන් 4 දෙනෙකු දියේ ගිලී ගසාගෙන ගිය අවස්ථාවේ ප‍්‍රදේශවාසියෙකු විසින් එම තරුණියන් 4 දෙනා බේරාගෙන ගොඩට රැගෙන විත් තිබෙ. එහෙත් ඉන් එක් තරුණියක් යළිත් රළ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් ඇති අතර පසුව ඇගේ මළ සිරුර වෙරළ තීරයට ගොඩ ගසා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියි.

වැඩියෙන්ම මෙලෙස දිය නෑමට ගොස් ජිවිත අහිමි කරගෙන ඇත්තේ තරුණ තරුණියන් සහ කුඩා ළමුන් බව පෙනේ. එම නිසා දිය නෑමට මෙවැනි ජලාශ වලට යාමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු බව අවධාරණය කල යුතුයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>