ගතවූ මාස නවයේදී Facebook පැමිණිලි 2000 යි
මෙම වසරේ ගතවූ මාස නවයක කාලය තුළදී දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් Facebook සම්බන්ධයෙන් පැමිණිලි දෙදහසක් ලැබී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරි රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
මින් 60% ක් පැමිණිලි ලැබී ඇත්තේ කාන්තාවන්ගෙන් බවත්, විශේෂයෙන් තමුන්ගේ මුහුණු පොතේ ගිණුමට සමාන ව්‍යාජ ගිණුම් වෙනත් පුද්ගලයන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වැඩිපුරම පැමිණිලි ලැබී ඇති බවත් ඒ මහතා සඳහන් කර තිබේ.
ඔහු වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ…
“Facebook එකට හැම වෙලාවකම තමන්ගේ පෞද්ගලික විස්තර හැමෝටම බලන්න පුළුවන් වෙන විදිහට කටයුතු කරන්න එපා. විශේෂයෙන් තමන්ගේ ගිණුමේ ඉන්න මිතුරු – මිතුරියන්ට පමණක් ඒ විස්තර බලන්න පුළුවන් වෙන විදිහට පමණක් කටයුතු යොදනවා නම් ඔය ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. ඔබට Facebook සම්බන්ධ පැමිණිලි කරන්න අවශ්‍ය නම් 0112-691692 යන දුරකථන අංකයට කතා කරන්න.”