29 Jul 2015
ගමන්මල්ලේ තිබු සිරුර හඳුනාගන්න ජනතාවගේ සහය පතයි
බැස්ටියන් මාවත – පෞද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී අද උදෑසන කාන්තා මළ සිරුරක් සොයාගන්නා ලදී.
ඒ පිළිබඳ මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකෙරුණු අතර එහිදී මළ සිරුරේ නාසයෙන් රුධිරය වහනය වී තිබූ අයුරු නිරීක්ෂණය වූ බව පොලීසිය ප්රකාශ කරයි. පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
මියගොස් සිටින මෙම කාන්තාව කවුරුන්දැයි සොයාගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය අපේක්ෂා කරයි.
වයස අවුරුදු 32ත් 40ත් අතර වයසේ පසුවන බවට අනුමාන කෙරෙන මෙම කාන්තාව අඩි 5යි අඟල් 2ක් උසය. ගෙලෙහි රන්මාලයක් සහ පෙන්ඩනයක් ඇති අතර පෙන්ඩනයේ ඕම් සලකුණ කොටා ඇත. අඩි 3ක් දිග අඩි 2ක් පළල සහ අඩි 1ක් උස බෑගයක බහා තිබූ සිරුර කාන්තා ඇඳුමින් වසා තිබී ඇත.
පෙර පළවූ පුවත පහතින්…
කොළඹ බස් නැවතුමේ තිබූ බෑගයක අභිරහස් මළසිරුරක්