12 Dec 2014
ගම්මන්පිලගේ තීරණය ගැන හෙළ උරුමය විමතියෙන්
ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට ගත් තීරණය ගැන තම පක්ෂය විමතියට පත්වූ බව ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කර තිබේ.
කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.
උදය ගම්මන්පිල මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමෙන් පසු ඔවුන් පැවැත්වු පළමු මාධ්‍ය හමුව ද මෙයයි. ගම්මන්පිල මහතාගේ නික්මයාමෙන් ජාතික හෙළ උරුමය දෙකඩ වනු ඇතැයි ඇතැම් පිරිස් අදහස් පළ කළ ද එවැන්නක් සිදුව නැතැයි එහි නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩි දුරටත් සඳහන් කර ඇත.
උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ගියේ ප්‍රතිපත්තිමය කරුණකට නොවන බවද එය ඒ මහතාගේ පෞද්ගලික හේතුවක් විය හැකි බවද පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසු බව නෙත් නිව්ස් වාර්තා කරයි.