ගම්මන්පිල නව පක්ෂයකට සැරසෙයි

null

හෙළ උරුමයෙන් ඉවත් වී සිටින කණ්ඩායම් එක්කොට නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් 29 දෙනාගෙන් 17 දෙනකු ම ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එකතු වූ බව හෙළ උරුමයෙන් ඉවත්වී සන්ධානය සමග එක්වූ බවද ඔහු පැවසුවේය.

ජනවාරි 8 වැනිදායින් පසුව ඒ සියලු දෙනා එක්ව නව පක්ෂයක් පිහිටුවන බවත්, බොදුබල සේනාව හා සිහල රාවය වැනි බෞද්ධ සංවිධානවල සහායද ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>