ගම්මන්පිල හතර වැනි තට්ටුවට

null

ජනාධිපතිවරණය දින රාත්‍රී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළැයි විදේශ ඇමැති මංගල සමරවීර මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මේ වනවිට රහස් පොලිසිය පරික්ෂ ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද දිනයේ රහස් පොලිසිය විසින් හතර වැනි තට්ටුවට කැඳවා තිබේ.

ඒ ඔහු එදින අරලියගහ මැදුරේ සිටි බවට ලැබුණු තොරතුරු අනුවයි. කෙසේ වෙතත් ගම්මන්පිල මහතා මාධ්‍යට පවසා ඇත්තේ ඡන්දය දින රාත්‍රී තමා අරලියගහ මැදුරට ගිය බවත්, එලෙස ගියේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට නොවන බවත් ය.

ලංකාදීප පුවත් වාර්තා කරන පරිදි වැඩි දුරටත් ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.

‘අගවිනිසුරුවත්, හමුදා නායකයනුත්, පොලිස්පතිත් එහි සිටි බව කියන්නේ බොරු. මමයි, ජී එල් පීරිස් ඇමැතිතුමයි, ආරක්ෂක ලේකමුයි, මහින්ද මහත්තයයි විතරයි එහේ හිටියේ.
මහින්ද මහත්තයට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරන්න ඕනෑ නම් මායි ජීඇල් ඇමතිතුමයි සම්බන්ධ කර ගන්න ඕනෑද?‘

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>