ගර්භණී ගුරුවරියන්ට පහසු ඇඳුමකින් පාසල් යන්න අවසර
මෙරට පාසල් තුල සේවය කරන ගර්භනී ගුරුවරියන්ට රාජකාරි කටයුතු සඳහා පහසු ඇඳුමකින් සරසි පාසලට පැමිණීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව පියවර ගෙන ඇත.
ගර්භණී ගුරුවරියන්ට ඉගැන්වීම් කාර්යයෙහි නිරතවන විට පහසු ඇඳුමක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, ඒ අනුව ලබා දී ඇති නිර්දේශ අනුව, අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පද්ධතිය වෙත මෙම සංකල්පය හඳුන්වාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව හෙට සිට පාසල් පද්ධතියේ සිටින සියලු ගර්භණී ගුරුවරියන්ට තම අවශ්‍යතා පරිදි මෙම සුවපහසු ඇඳුම භාවිත කිරීමට ඉඩ සලසා තිබේ.
එහි සමාරම්භක ජාතික වැඩසටහන හෙට (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
පාසල් පද්ධතිය තුළ මේ වනවිට සිටින දෙලක්ෂ තිස්හයදහසක් පමණ වන ගුරුභවතුන් අතරින් 172000ක පමණ පිරිසක් ගුරුවරියන් වන අතර, වාර්ෂික ව ඔවුන් අතරින් 10000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසූත නිවාඩු ගැනීමට යොමුවන බව සංඛ්‍යාත්මක දත්ත අනුව හෙළිවෙයි.